Jun 27, 2017

වැසිකිළි ප්‍රේම කතාවට මෝදිගෙන් ප්‍රශංසා

අක්ෂේ කුමාර්ගේ නවතම සිනමා නිර්මාණයවන Toilet: Ek Prem Katha හි පූර්ව ප්‍රචාරකපටය පසුගියදා නිකුත් කෙරුණි.

එය නිකුත් කෙරුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නිරේන්ද්‍ර සිං මෝදිගේ ප්‍රධානත්වයෙනි.

පිරිසිදුකම පිළිබඳ සිතා නිර්මාණය කළ මෙම සිනමා නිර්මාණයට අගමැති මෝදිගේ ප්‍රශංසාව හිමිව තිබේ.

කෝටි 125ක් ජනතාවට එකට එකතු වී පිරිසිදු ඉන්දියාවක් හදන්න මේ කතාව හොඳ ආදර්ශයක් බවට අගමැති මෝදි තම ට්විටර් පිටුවේ පණිවුඩයක් සටහන් කර තිබේ.

මෙයට පිළිතුරු වශයෙන් අක්ෂේද 'බොහොම ස්තූතියි අගමැතිතුමනි' මේ ඔස්සේ යහපත් දේ වෙනුවෙන් ජනතාවගේ මනස වෙනස් කරන්න හැකි වේවි යැයි හිතනවා ” යනුවෙන් සටහන් කර තිබේ.

ශ්‍රී නාරායන් සිං අධ්‍යක්ෂණය කරනToilet: Ek Prem Katha චිත්‍රපටයේ අක්ෂේ සමඟින් භූමි පෙඩ්නෙකර්, අනූපම් කේර්,සානා ඛාන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙයි.

ඉන්දීය රජයේ වැඩපිලිවෙලක් වන මාර්ග පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද මෙයට උපයෝගි කරගෙන තිබීම විශේෂත්වයකි.

මෙම චිත්‍රපටය එළඹෙන අගෝස්තු 11 වනදා ලොවපුරා තිරගත කිරීමට නියමිතය.

76488

Untitled

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top