ලංකාවේ කලාකරුවකුගෙන් රැකියාව කුමක්දැයි ඇසූ විට ඊට පිළිතුරු දීමේ හැකියාවක් නොමැති වී ඇත්තේ මේ කඩා වැටීම සහ මුලාවීම යන හේතු නිසා යැයි ඔහු පවසයි.
එමෙන්ම එෆ්. එම් නාලිකාවල සිටින අයට කුමන හැකියාව තිබුණත් රසඥතාවයක් නොතිබීම මෙම සංගීත ක්ෂේතත්රයේ කඩා වැටීමට තවත් හේතුවක් වී ඇති බව ඔහු තව දුරටත් පෙන්වා දෙයි.
යුරෝපීය සහ ඇමරිකානු සංගීතය හොදින් හැදෑරීමෙන් අපට ඉතා උසස් සංගීත ආරක් ගොඩනගා ගත හැකි බැවින් ඉන්දියානු සංගීතය පසුපස යෑමෙන් ඵලක් නොවන බව ඔහු පවසයි.
ප්රමාණත්මක බවට වඩා ගුණාත්මකබාවයට මුල් තැන දීමත් තමන්ගේ හැකියාවන් සහ සීමාවන් හරිහැටි හදුනා ගැනීමත් තුළින් වැටුණු සංගීතය යළි ගොඩගැනීම පහසු වන බව ඔහු අවධාරණය කර සිටී.