Jul 05, 2017

මේනකාගේ කාර් ඩාන්ස්එකට පන්දහක දඩයක් ! (වීඩියෝ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සිය මෝටර් රථය පදවන අවස්ථාවේ සුක්කානම අතහැර නටමින් විනෝද වන විඩියෝවක් අන්තර්ජාලයට මුදාහරාන ලද රංගන ශිල්පිනී මේනකා මධුවන්ති බණ්ඩාරගම පොලිසිය විසින් බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (04) පෙරවරුවේ ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් පන්දහසක දඩයක් නියමකර මුදාහැර තිබේ.

ඉකුත් ජනවාරි මාසයේ දිනයක රංගන ශිල්පී මේනකා මධුවන්ති දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් රථය පදවමින් සිටියදී කහතුඩුව හා බණ්ඩාරගම  අතර ප්‍රදේශයේදී සුක්කානම අතහැර නටන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබිණි.

මේ සම්බන්ධයෙන් පුද්ගලයකු කර තිබූ පැමිණිල්ලක් අනුව බණ්ඩාරගම ගැලනිගම පොලිස් මුරපොළේ නිලධාරින් මේ පිළිබඳව විමර්ශනය කර ඇයට නඩු පවරා තිබිණි.

මේනකා අධිකරණයට පැමිණ අදාල දඩමුදලද ගෙවා ඇතැයි පැවසේ.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top