දිනක්ෂි සමඟ සති අන්ත පුවත් පතක් කළ සම්මුඛ සාකච්ඡාවකදී ද මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කර තිබූ අතර එවැනි සම්බන්ධයක් නැති බව කියමින් ඇය එය ප්‍රතික්ෂේප කර තිබිණි.
ඇය වැඩිදුරටත් කියා තිබුණේ “ කවුරු මොනවා කිව්වත් ඔය කියන කෙනා තවම මට නම් මුකුත් කියලා නැහැ. අනික එයාගේ හිතේ එහෙම දෙයක් තියෙනවා නම් මුලින්ම දැනගන්න ඕන මමනේ. අවුරුදු ගාණක් තිස්සේ අපි හොඳ යාළුවෝ. එච්චරයි.” යන්නයි.
මේ පිළිතුරෙන් පසුව සාකච්ඡාව කළ මාධ්‍යවේදිනිය දිනක්ෂිගෙන් "ආදරයකින් වෙන් වුණු කෙනෙක් ගැන ඔය කියන විදිහේ තීරණයක් ඇත්තටම ගන්න වුණොත්?” යනුවෙන් පෙරළා ප්‍රශ්න කර තිබිණි.
ඊට දිනක්ෂිගේ පිළිතුර වී තිබුණේ "එහෙම තීරණයක් ගන්න වුණොත් ඒක මගේ පුද්ගලික තීරණයක්. මම පුද්ගලික ජීවිතේ ගැන අනාගතයේදී ගන්න තීරණ මොන වගේද කියලා දැන්ම කියන්න බැහැනේ. අනික මම කොහොම තීරණයක් ගත්තත් ඒක මගේ පුද්ගලිකත්වයනේ. වෘත්තීය වෙනයි, පුද්ගලික ජීවිතේ වෙනයි.” යන්නයි.
සාරංග විවාහකයෙකු වන අතර ඔහු ජනප්‍රිය නිළි උමාලි තිලකරත්න හා විවාහ වී සිටී. කෙසේවුවද ඔවුන්ගේ විවාහය දෙදරා ඇති බවට ද පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පලව තිබිණි.