ඇමරිකාව, එංගලන්තය, මෙක්සිකෝව, බ්‍රසීලය, ප්‍රංශය, ජර්මනිය, ෆින්ලන්තය, ස්පාඥඥය්ය සහ ඉන්දියාව ඇතුළු රටවල් 34ක් මේ සඳහා චිත්‍රපට ඉදිරිපත් කළ අතර ‘නිහඩ ලිපිය' නොහොත් "SILENT LETTER" නම් වූ ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කළ මෙම කෙටි චිත්‍රපටය තිර රචනය කොට නිෂ්පාදනය කරන ලද්දේ ආධුනික සිනමාකරුවකු වන තිවංක රුක්ෂාන් පෙරේරා විසිනි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්රැන්සිස්කෝ නගරයෙහි (San Francisco) සිනමා කලාව හා තිර රචනය පිළිබඳ ගෞරව උපාධි ලත් රුක්ෂාන් පෙරේරා දැනට වෘතාන්ත චිත්‍රපට කිහිපයක් රචනා කොට ජාත්‍යන්තර සිනමා නිෂ්පාදන සඳහා ඉදිරිපත් කරමින් සිටී.
මෙම කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන කමල් අද්දරආරච්චි විසිනි. එය ඔහුගේද ප්‍රථම කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණය වේ.