ජනප්‍රිය ගායකයකුව සිටි සමන් පුෂ්පවර්ණ හා විවාහ වී සිටින ඩිලානි සිය දරුවන් හා සැමියා සමඟ ඇමරිකාවේ පදිංචියට ගොස් මේවන විට වසර 20ක් පමණ වන බව පැවසේ.
ඩිලානි මේවන විට නිව්යෝර්ක් හි ස්ටැට්න් දිවයිනේ රූපලාවන්‍ය උපදේශිකාවක් ලෙස සේවය කරනු ලබන බවද වාර්තා වේ.
ඇය සිංහල සිනමාවට එක්වූයේ 1986 වසරේදීය.
ආනන්ද වික්‍රමසිංහගේ සටන චිත්‍රපටයේ රඟපාමින් සිනමාවට එක් වූ ඩිලානි අබේවර්ධන කෙලිමඬල, සයනයේ සිහිනය, සඳ මඬල, සෙයිලම, තුන්වෙනි ඇහැ, බිතු සිතුවම්, ඉන්ද්රකීලය, සීතල ගිනි කඳු ආදී චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූවාය.
ඇගේ නර්තන වීඩියෝව පහතින් නරඹන්න