සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු මේ බව පවසා තිබේ.
තමා පමණක් නොව රොෂාන්, අයිවෝ, ඇන්ටන් හා සුජිත් ඉන් අයින් කළ බව ඔහු හෙළිකර ඇත.
කෙසේවුවද, මේ අස් කිරීමට නීල් සමඟ කිසිදු ගැටුමක් ඇති නොවුණ බවත් ඔහු සඳහන් කර ඇත.
අස් කිරීමට හේතුව සන්ෆලවර් විකිණීමට සූදානම්වීම දැයි යනුවෙන් නගාතිබූ ප්රශ්නයකට පිළිතුරු ලෙස නොයෙල් පවසා ඇත්තේ තමන් එම සංගීත කණ්ඩායමින් ඉවත්වන සමයේ එවැනි තත්ත්වයක් නොතිබූ බවයි.
සන්ෆලවර් කණ්ඩායමෙන් ඉවත් වූ නොයෙල් Members නැමැති සංගීත කණ්ඩායමට එක්ව තිබේ. එහි නායකයා වන්නේ සුජිත් මාරසිංහ වන අතර. එය ප්රසංග වේදිකාවෙන් මිදී ගෘහස්ථ වේදිකාවට ගොඩවූ සංගීත කණ්ඩායමකි.