Jul 17, 2017

ඩිස්නි කුමරියන් එක්වෙයි

ඩිස්නි කුමාරිකාවන් සඳහා හඬකැවූ ශිල්පිනියන් දසදෙනෙකු පසුගියදා එක්සත් ජනපදයේ උත්සවයකට සහභාගී වී තිබේ.

දශක 3ක් පුරා ලිට්ල් මර්මෙඩ් (Little Mermaid 1989) සිට මොආනා (Moana 2016) දක්වා මොවුන් හඩකැවීමට සහභාගී වි තිබේ.

කෙසේවෙතත්, සින්ඩරෙල්ලා හා ස්නෝ වයිට් (Cinderella & Snow White) සඳහා හඬකැවූ ශිල්පිනියන් මෙම අවස්ථාවට සහභාගී වී නොතිබුණි.

ලබන වසරේ එළිදැක්වීමට නියමිත Wreck-It Ralph 2 ඩිස්නි චිත්‍රපටයේ දර්ශනයකට මෙම ඩිස්නි කුමාරිකාවන් සියල්ලම පෙනී සිටීමට නියමිත අතර, මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් සිය සුපුරුදු ගවුම් වෙනුවට ටීෂර්ට් වලින් සැරසී සිටීමයි.

මෙම චිත්‍රපට දර්ශනයෙන් සාම්ප්‍රදායික කුමාරිකාවකගේ ප්‍රතිරූපය වෙනසකට ලක්කිරීමට ඩිස්නි සමාගම සැරසෙයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top