මෙම චිත්‍රපටය තිරගත කිරීම සඳහා අවසර ලබාගැනීමට දිගු සටනකින් අනතුරුව ඉන්දියානු වාරණ මණ්ඩලය විසින් අනුමත කර ගැනීමට හැකි වී තිබේ.
"ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා" පළමුව තහනමට ලක් කිරීමට හේතුව වශයෙන් වාර්තා වී ඇත්තේ මෙය කාන්තාවන් සඳහා නැඹුරු වූ චිත්‍රපටයක් බැවිනි.
මෙම චිත්‍රපටයේ ලිංගික දර්ශන, පරුෂ වචන වැනි දේ විවේචනය කරන අතරම, සමාජයේ එක් කොට්ඨාශයකට සිත්තැවුල් ඇතිවනු ඇති බවට බලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
මෙම තීරණය ඉන්දියාව පුරාවට මෙන්ම සමාජ ජාල වෙබ් අඩවි වලින් දැඩි විවේචනයට ලක්විය.
මෙම වාරණයට එරෙහිව මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරිය වන අලන්ක්රිතා ශ්‍රීවාස්තව විසින් අභියාචනයක් ඉදිරිපත් කළ අතර, චිත්‍රපටයේ ඇතැම් දර්ශන සංස්කරණය කිරීමෙන් අනතුරුව එය එළිදැක්වීම සඳහා ඊයේ දින (18) අවසර ලබාදී තිබේ.
සබැඳි පුවත් :
‘ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා’ තහනම්