Jul 21, 2017

ලින්කින් පාක් ගායකයා ගෙළ වළලාගෙන

ලොව ජනප්‍රිය රොක් සංගීත කණ්ඩායමක් වන ලින්කින් පාක් හි ප්‍රධාන ගායකයා වන චෙස්ටර් බෙනින්ටන් සිය දිවිහානි කර ගෙත ඇතැයි වාර්තා වේ.

ගෙළ වළලාගෙන මියගිය බවට සැක කරන චෙස්ටර් ගේ සිරුර ලොස් ඇන්ජලිස් හි පිහිටි ඔහු ගේ නිවසේදී හමුවී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

වසර 1996දී ආරම්භ වූ  ලින්කින් පාක් සංගීත කණ්ඩායම ග්‍රැමී සම්මාන දෙකක් ජයගෙන ඇති අතර, ඔවුන් ලොවපුරා ඇල්බම් මිලියන 70ක් පමණ අලෙවි කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top