එවැනි සුරතලෙකු පසුගියදා අන්තර්ජාලය පුරා ජනප්‍රියත්වයට පත්විය. ස්පයික් (Spike) නම් මෙම ස්ටැග් කුරුමිණියා ජනප්‍රිය වූයේ ඔහු ගේ සියුම් කලාකෘති හේතුවෙනි.
ජපානයේ නගානෝ (Nagano) හි වාසය කරන ගුරුවරියක් වන මැන්ඩි බ්‍රයන්ට් (Mandy Brynt) ගේ සුරතලා වන ස්පයික් සිය අඬු ආධාරයෙන් මාකර් පෑන් වලින් සිදු කළ වර්ණවත් චිත්‍ර නිර්මාණ, මැන්ඩි විසින් ට්විටර් වෙබ් අඩවියට එක්කර තිබුණි.
මෙම චිත්‍ර වලට අන්තර්ජාලය ඔස්සේ ඇතිවුණු ජනප්‍රියත්වය හමුවේ එම නිර්මාණ ඊබේ (e bay)ඔස්සේ වෙන්දේසි කිරීමට මැන්ඩි තීරණය කර ඇති අතර, ඒ සඳහා ඩොලර් 130කට වැඩි වූ ලංසු ද තබා ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ. ඉන් ලැබෙන ආදායමෙන් 15%ක් ස්ටැග් කුරුමිණියන් සුරකින බ්‍රිතාන්‍යයේ සංවිධානයකට ලබාදීමට ද ඇය තීරණය කර තිබේ.
(බීබීසී ලෝක සේවය)
https://sinhala.srilankamirror.com/art/5536-beetle-art-pics#sigProId4449d85d12