මෙහි පිටපත ද පසුගිය බොන්ඩ් චිත්‍රපට 6ක පිටපත් රචකයන් ලෙස කටයුතු කළ නීල් රේවීස් හා රොබට් වේඩ් විසින් සිදුකරනු ලැබේ.
මෙහි නිෂ්පාදනය සිදු කරනු ලබන්නේ මයිකල්.ජී.විල්සන් හා බාබරා බ්‍රොකලි විසිනි.
මෙම චිත්‍රපටය නොවැම්බර් 08දා ඇමෙරිකාවේද, ඊට පෙර බ්‍රිතාන්‍යයේ හා ලොව පුරා සිනමාහල්වලද එළිදැක්වීමට නියමිතය.
කෙසේවෙතත්, මෙම චිත්‍රපටයේ බොන්ඩ් චරිතයට පණපොවන්නේ ඩැනියල් ක්‍රෙග් ද යන්න පිළිබඳව තවමත් තහවුරු කර නැත. මේ සම්බන්ධයෙන් ක්‍රෙග් තවමත් ගිවිසුම් අත්සන් කර නොමැති බව බීබීසී ලෝක සේවය වාර්තා කළ ද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වර්තා කර ඇත්තේ මෙවරද ක්‍රෙග්, බොන්ඩ් චරිතය නිරූපණය කරනු ඇති බවය.