මෙම පිරිස විසින් HBO සමාගමෙන් මෙම තිරපිටපත ඇතුළු තවත් දත්ත රැසක් සොරකම් කර ඇති බව එහි වැඩිදුරටත් දැක්වේ.
මෙම දත්ත අතර ’ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ නාට්‍යයේ ඉදිරියේදී විකාශය වීමට නියමිත කොටසක තිරපිටපතක් ද ඇතුළත් බව පැවසේ. කෙසේවෙතත්, මෙම කරුණ තවමත් තහවුරු වී නොමැත.
මෙම සයිබර් හොරුන් පිරිස පවසා ඇත්තේ තමා සතුව ටෙරාබයිට් 1.5ක දත්ත තිබෙන බවයි.
නිවේදනයක් නිකුත් කරමින් HBO සමාගම පවසා ඇත්තේ ‘සයිබර් සිදුවීමක්’ සිදුවී ඇති බවයි. මේ වට විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් නීති නිලධාරීන් හා කටයුතු කරන බවත් HBO සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.