Aug 05, 2017

ලංකාවෙ කෙටි චිත්‍රපටයක් ලොව හොඳම 10 අතරට

ආබාධිත ළමුන් පිරිසක් තේමා කර ගනිමින් ශ්‍රී ලංකාවේ තරුණයන් දෙදෙනකු හැදූ කෙටි චිත්‍රපටයක් ඔස්ට්‍රේලියාවේ කෙටි චිත්‍රපට තරගයක හොඳම කෙටි චිත්‍රපට 10 අතරට තේරී ඇතැයි වාර්තා වේ.

මෙය ඔවුන් නම් කර ඇත්තේ life of silent ලෙසය.

එම තරගයේදී මෙය ඇමරිකාව, ඉන්දියාව, ජපානය, නවසීලන්තය, බ්‍රිතාන්‍ය, රුවන්ඩාව හා ඉතියෝපියාව වශයෙන් රටවල් 53ක් හා කෙටි චිත්‍රපට 209 අතරින් හොඳම කෙටි චිත්‍රපට 10 අතරට පැමිණීමද විශේෂිතය.

ඔවුන් නිර්මාණය කළ කෙටි චිත්‍රපටය පහතින්.

මූලාශ්‍රය - නෙත්


 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected].com දුරකථන - +94 114 546 362

Top