Aug 14, 2017

ඉන්දු-පකිස්තානු සාම ගීය නෙට් එකේ හිට් වෙයි (වීඩියෝ)

පකිස්තානය හා ඉන්දියාව නිදහස ලබා 70 වසරක් ගතවීම නිමෙත්තෙන් අපූරු වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක්වී තිබේ.

පකිස්තානයේ නිදහස් දිනය අදට යෙදී ඇති අතර, ඉන්දියාවේ නිදහස් දිනය හෙටට යෙදී ඇත.

‘සාම ගීතය’ ලෙස හඳුන්වා ඇති මෙම වීඩියෝවේ දෙරටේ ගායක ගායිකාවන් පිරිසක් විසින් දෙරට ජාතික ගීත ගායනා කරනු ලබයි.

සාමය වෙනුවෙන් පෙනී සිටින ෆේස්බුක් එකතුවක් වන ‘වොයිස් ඔෆ් රාම්’ විසින් මෙම වීඩියෝව අන්තර්ජාලයට එක්කර ඇති අතර, ඒ සඳහා සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ උසස් ප්‍රශංසාවක් හිමිවී තිබේ.

අප දේශසීමා කලාවට විවෘත කළ විට සාමයද ඒ සමග පැමිණෙන බව පැමිණෙන බව සඳහන් කරමින් ආරම්භ කර තිබෙන වීඩියෝව ඔබත් රසවිඳින්න.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top