Nov 17, 2016

රිකී මාටින් විවාහ ගිවිසගෙන

අතිජනප්‍රිය ලතින් ඇමෙරිකානු ගායක රිකී මාටින් විවාහ ගිවිසගෙන ඇතැයි වාර්තා වේ.

ඊයේ (16) පැවති ‘දි එලන් ඩිජෙනරෙස් ෂෝ’ රූපවාහිනි වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා තිබේ.

තමා සමලිංගිකයෙකු බවට 2010 දී හෙළිදරව් කළ රිකී මාටින්, විවාහ ගිවිසගෙන ඇත්තේ සිරියාවේ ඉපිද ස්වීඩනයේ හැදීවැඩුනු 32 හැවිරිදි චිත්‍ර ශිල්පියෙකු වන ජ්වාන් යෝසෙෆ් සමගයි.

මීට වසරකට පමණ පෙරාතුව ජ්වාන් ගේ සිත්තම් දැකීමෙන් අනතුරුව ඔහුව හඳුනාගත් බව රිකී පවසයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top