සුප්රකට ෆෝබ්ස් සඟරාව විසින් නිකුත් කර ඇති ඉහලම අදායමක් ලද රංගන ශිල්පිණියන්ගේ ලැයිස්තුවේ අංක එකට ඇය පැමිණීමට සමත් වී ඇත.
එම ලැයිස්තුවට අනුව ඇය 2016 ජුනි මාසයේ සිට 2017 ජුනි මාසය අතර දොලෙස් මසක කාලය තුළදී උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 26කි.
ඇය මේ වසරේ දී ලබා ඇති සමස්ථ ආදායමෙන් වැඩිහ ප්රමාණයක් උපයා ඇත්තේ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ සම්මානනීය හොලිවුඩ් සංගීතමය චිත්රපටය වන ‘ලා ලා ලෑන්ඩ්’ වෙන රංගන දායකත්වය සැපයීමෙනි.
ඇය, එහි ප්රධාන කාන්තා චරිතය වූ මියා ගේ චරිතයට පණපෙව්වාය.
එමා ස්ටෝන් 2017 වසර තුළ ඉහලම අදායමක් ලද නිළිය බවට පත් වී ඇත්තේ ජෙනිෆර් ඇනිස්ටන් සහ එමා වොට්සන් ද පරදවමිනි
පසුගිය දෙවසරක කාලයක් පුරාවට ඉහලම අදායමක් ලද නිළිය ලෙස නම් වී තිබුණේ ‘හංගර් ගේම්ස්’ වෘතාන්තය වෙනුවෙන් රංගන දායකත්වය සැපයූ ජෙනිෆර් ලෝරන්ස් ය. ලෝරන්ස් ට මේ වසරේ හිමිවී තිබුණේ තෙවැනි ස්ථානයයි.