ඉරාජ්ගේ ආශාවරී වීඩියෝවේ බිකිනියකින් සැරසී අඩනිරුවත් රංගනයේ යෙදෙන ඇය ඉන් අනතුරුව ලැබුණු එවැනි රංගන අවස්ථා සීමා කළ බවද පවසයි.
අශාවරී වීඩියෝව පිළිබඳව අදහස් දක්වන ඇය,
"ආශාවරී වීඩියෝවේ මං ඇඳගෙන හිටියේ බිකිනියට වඩා ටිකක් දිග ඇඳුමක්. ඒත් මට එය ප්‍රශ්නයක් වුණේ නැහැ. අපේ ගම හික්කඩුව. සංචාරකයින් බහුල ප්‍රදේශයක්. එහිදී නිරන්තරයෙන් විදේශික කාන්තාවන් බිකිනියෙන් දක්නට පුළුවන්.ඉතින් අපේ ගෙදර අයට පවා බිකිනිය අමුතු දෙයක් නෙවෙයි"
"ඒ වගේම රංගනය මගේ ජොබ් එක. මම මගේ වෘත්තීයට සාධාරණයක් කළා. ආශාවරී කියන්නේ සමාජයට හොඳ පණිවුඩයක් දෙන ගීතයක්. ඒක දිහා හරි ඇසකින් බැලුවොත් ඒක තේරේවි. මට ඒ වීඩියෝ එකෙන් පස්සේ මියුසික් වීඩියෝවලට ඒ වගේ චරිත සඳහා ගොඩක් රංගන ආරාධනා ලැබුණා. නමුත් මං ඒ සියල්ලම අත හැරියා. මොකද ඉන් සමාජයට සෙතක් නැහැ.සාමාන්‍යයෙන් එවැනි චරිතයක් රඟපෑවම අපේ සමාජයේ ඇතැම් උදවිය චරිතයෙන් නිළියව මනිනවා". යනුවෙන් සිය රංගන වෘත්තිය පිළිබඳව අදහස් දක්වයි.
විවාහක කාන්තාවක වන ඇය වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවලට හෝ ටෙලි නාට්‍යවලට හෝ රංගනයෙන් එක් නොවන බවද මෙහිදී පවසා ඇත.