වෘත්තිමය මට්ටමින් ඔපෙරා ගායිකාවක් ද වන හෙදර්, සිය පුහුණුකිරීම් සැසි වල නිරත වන් නේ ගායනයට හා අශ්වයන් සඳහා ඇති ආදරය එකට කැටි කරගනිමිනි.
පෙරවරුවේදී අශ්වයින්ව ව්‍යායාම වල යොදවන හෙදර්, දිවා ආහාරයෙන් අනතුරුව ඔවුන් විවේක සුවයෙන් පසුවන කාලයේදී ඔවුන්ට ඇසෙන ලෙස ඔපෙරා ගායනා කරයි.
මේ සම්බන්ධයෙන් බීබීසී ලෝක සේවය වෙත හෙදර් අදහස් දක්වා තිබුණේ මෙලෙසිනි :
“ගායනයට කන්, ඔළුව හොලවලා ප්‍රතිචාර දක්වන ඔවුන් මේ වැඩේට හරිම කැමතියි… මං හැදී වැඩුනේ ඇලබාමා ප්‍රාන්තයේ… මට ඕන වුනේ රේසිං වලට යන්න… ඒකට මට කරන්න තිබ්බේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට යන එක විතරයි. ඒත්, මං බ්‍රිතාන්‍යයට ආවා… ලන්ඩනයේ ට්‍රිනිටි කොලේජ් ඔෆ් මියුසික් හි ඉගෙන ගත්තා… වෘත්තිමය ඔපෙරා ගායිකාවක් වෙන්න අවුරුදු 10ක් විතර ගතවෙනවා… ඒත් මං නගරයේ ජීවත්වෙන්න කැමති නෑ… අශ්වයන් නැතිව ඉන්නත් බැරි වුනා… ඒ නිසා ගම්බද පැත්තට ඇවිත් රේස් අශ්වයන් පුහුණු කරන්න ගත්තා…”
“පසුගිය කාලයේදී අප අශ්වයන් ජයග්‍රහණ 08ක් ලබාගත්තා. මට ඔප්පු කරන්න බෑ ගායනයත් මේකට හේතුවක් ද කියලා. ඒත් ඔවුන්ව වඩාත් හීලෑ කරන්න ඒක උදව් වෙනවා කියලා නම් හිතෙනවා,“ යැයි ඇය වැඩිදුරටත් පවසන්නීය.