Sep 19, 2017

2017 ජපන් සිනමා උළෙල 22දා සිට

වසර 2017 ජපන් සිනමා උළෙල මෙවර 22-24 දින කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වේ.

මෙහි සමාරම්භක උළෙල මුදල් හා ජනමාධ්‍ය ඇමති - මංගල සමරවීර මහතා ගේ ප්‍රධානිත්වයෙන් සැප්තැම්බර් 22 දා ප.ව. 6.00ට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී ආරම්භ වේ.

සිනමා ප්‍රේක්ෂකයන් හට නොමිලේ නැරඹිය හැකි මෙම සිනමා උළෙල ජපන් තානාපති කාර්යාලය, ජපන් පදනම, ජාතික තරුණ සේවා සභාව, ජාතික චිත්‍රපට සංස්ථාව හා Ship for World Youth Alumni Association විසින් සංවිධානය කෙරේ.

චිත්‍රපට

සැප්තැම්බර් 22 :  ප.ව. 6.00 - Wood Job  (ආරාධිතයන් පමණයි)

සැප්තැම්බර් 23 :  ප.ව. 3.00 - Ecotherapy Gateway Holiday
                                ප.ව. 5.30 - Climbing to Spring

සැප්තැම්බර් 24 :  ප.ව. 3.00 - Wood Job
                                ප.ව. 5.30 - A Farewell to Jinu

ජපානයේ ගැමි ජීවිතය හා ජපානයේ ස්වභාවික සෞන්දර්යය විදහා දක්වන මෙම චිත්‍රපට දෙස් විදෙස් සිනමා උළෙල වලදී මහත් කීර්තියක් අත්පත් කරගත් චිත්‍රපට වේ.

Japanisefilmfestival

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top