Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Sep 28, 2017

ජනප්‍රියම ගායකයා වුණ චාමරගේ සටහන

"අද දෙරණ ශ්‍රී ලංකන් ඔෆ් ද ඉයර්" සම්මාන රාත්‍රීයේ  2017 වසරේ ජනප්‍රියතම ගායකයාට හිමි සම්මානය චාමර වීරසිංහට හිමි විය.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් චාමර වීරසිංහ සිය රසිකයින්ට සිය ප්‍රණාමය පුදකර තිබේ.

"මෙතැනට මා ඔසවා තැබූ ඔබට හදවතින් තුති..."

සිය දෙමාපියන් ගුරුවරුන් ගීත හා තනු නිර්මාණකරුවන් ඇතුළු සැමට ස්තූතිය පුද කරන චාමර වීරසිංහ මෑත කාලයේ ගී කෙත අස්වද්දන්ට උර දුන් පරලොව සැපත් කවි කීර්ති හිමියන්වද සිහිපත් කර තිබේ.

''සුන්දර ,වින්දනීය වූ ගීතනිර්මාණ ඔස්සේ රසිකයන් අතරට එන්නට එදා මේ පුන්චි තරුණයාට පද රචනා කරදුන් හිමියනේ...ඔබ වහන්සේ අද මා ලඟ නැති උනත් ඔබවහන්සේගේ ගුණ සුවඳ මා ලඟ තිබෙයි... කවිකිර්ති හිමියනේ ඔබවහන්සේට පින්සිදුවේවා..''

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top