Pasidol
Sathosa Ad Final Sinhala
Oct 07, 2017

දෙරණ සිනමා සම්මාන රැයේ හොඳම නළුවා දසුන් !

පස්වැනි දෙරණ සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දසුන් පතිරණ විසින් හිමිකර ගත්තේය.

ෆ්‍රැන්ජිපානී චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ඔහුට මෙම සම්මානය හිමි විය.

සම්මාන උළෙල නෙළුම් පොකුණ රඟහලේ දී ඊයේ (07) රාත්‍රියේ පැවැති අතර එහිදී හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවේ ස්වර්ණා මල්ලවාරච්චි මහත්මියයි.

ස්වර්ණා "ඇගේ ඇස අග" චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මේ සම්මානයට පාත්‍රවූවාය.

හොඳම නිළිය ලෙස ජූරියේ විශේෂ සම්මානයක් මෝටර් බයිසිකල් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සමනලී ෆොන්සේකා විසින් හිමිකර ගත්තාය.

හොදම චිත්‍රපටය ලෙස අශෝක හඳගමගේ ඇගේ ඇස අග චිත්‍රපටය සම්මාන ලැබූ අතර හොදම අධ්‍යක්ෂණය වෙනුවෙන් මෝටර් බයිසිකල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සමීර රංගන නාඔටුන්න සම්මාන ලබාගත්තේය.

මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලේ හොදම තිර රචනය සඳහා සම්මාන ලැබුවේ ඇගේ ඇස අග චිත්‍රපටය වෙනුවෙන් අශෝක හඳගමය.

සම්මාන උළලේ විශේෂ අවස්ථා
දර්ශන අනුග්‍රහය - ටීවී දෙරණ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top