ඔක්තෝබර් 17 දක්වා පැවැත්වීමට නියමිත මෙම සිනමා උළෙලට නොමිලේ සහභාගී විය හැකි අතර, ප.ව. 3.30 සහ 6.30 ලෙස දර්ශන වාර දෙකක් ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වීමට සංවිධායකයන් කටයුතු සුදානම් කර ඇත.
මෙවර යුරෝපා සිනමා උළෙලට චෙක් රාජ්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, පෝලන්තය, රුමේනියාව, ස්ලොවැකියාව,ස්විට්සර්ලන්තය හා බ්‍රිතාන්‍යය යන රටවල නිෂ්පාදිත සම්මානනීය චිත්‍රපට ඇතුළත් වනු ඇත.
මීට අමතරව, ශ්‍රී ලාංකික සිනමා නිර්මාණකරුවන් විසින් නිපදවනු ලැබූ කෙටි චිත්‍රපට 5ක් ද මෙම සිනමා උළෙලට ඇතුළත් වේ.