‘ඩෙයා නොට් ලින්ගර්’ (Dare Not Linger) ලෙස නම් කර ඇති මෙම කෘතිය මගින් දකුණු අප්රිකාවේ වර්ණභේදය බිඳවැටීමෙන් අනතුරුව එරට ජනපතිවරයා ලෙස මැන්ඩෙලා මහතා ගත කළ පස්වසර පිළිබඳව හුවා දක්වයි.
මෙම කෘතිය මැන්ඩෙලා මහතා විසින් ලිවීමට ආරම්භ කළද වියපත්වීම හා රෝගීවීම හේතුවෙන් ඔහුට එය අවසන් කරගැනීමට නොහැකි විය. ඔහුට සම්පූර්ණ කළ හැකිවී තිබුණේ කොටස් 10ක් පමණි.
ඉන්පසුව එය අවසන් කර ඇත්තේ දකුණු අප්රිකාවේ ජනප්රිය ලේඛකයෙකු වන Mandla Langa විසිනි.