ඒ, පසුගිය දිනක ඔහු මුහුණදුන් හදිසි අනතුරක් නිසාවෙනි.
පාපැදියක නැගී වේගයෙන් සෆෝක් ප්‍රදේශයේ කන්දක් පහලට ගමන් කර ඇති එඩ්, පාපැදියෙන් වැටී ඇති අතර, ඔහුගේ දකුණු අතේ මැණික් කටුවේ හා වම් වැලමිටේ අස්ථි බිඳී තිබේ.
කෙසේවෙතත්, වෛද්‍යවරයෙකු හමුවීම වෙනුවට ඔහු යළිත් පාපැදියේ නැගී පබ් එකක් කරා ගොස් ඇත. ඉන්පසුව නිවසට ගොස් නින්දට වැටී ඇති ඔහු, පාන්දර 5ට පමණ දැඩි වේදනාවක් සමග අවදිවී ඇති අතර, ඔහු රෝහලක් කරා ගොස් ඇත්තේ ඉන්පසුවයි.
සම්පූර්ණ සුවය ලැබීමට පෙර සිය සංගීත වැඩකටයුතු වල තවදුරටත් නිරත වුවහොත් ඉදිරියේදී ඔහුට ගිටාරය වැයීමට නොහැකි වනු ඇතැයි වෛද්‍යවරුන් අනතුරු අඟවා ඇති අතර, මේ හේතුවෙන් ඉදිරි කාලයේදී ආසියානු මහද්වීපයේ පැවැත්වීමට නියමිතව තිබූ සිය ප්‍රසංග කිහිපයක් අවලංගු කිරීමට ඔහුට සිදුවී තිබේ.
පසුගිය දින බ්‍රිතාන්‍ය ජාතික චිත්‍ර ශිල්පියෙකු වන ඩේමියන් හර්ස්ට් විසින් ශීරන් ගේ මැණික් කටුවේ ඇති කළු පැහැ වෙළුම් පටි වලට තිත් තිත් මෝස්තරයක් එක් කළ අන්දම දැක්වෙන ඡායාරූපයක් එඩ් විසින් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එක් කර තිබුණේ මෙලෙසිනි.