සිය නව නිර්මාණ පිළිබඳ අදහස් දැක්වූ චාමර,
"මම ගීත තුනක් මේ වනවිට නිර්මාණය කරලා තියෙනවා. ඒ ගීතවලින් එකක් මේ වනවිට ‘ෆේස්බුක්’ සමාජ ජාලය හරහා එළිදක්වලා තියෙනවා. අනික් ගීත දෙක තවමත් එළිදැක්වුයේ නැහැ. මොකද, අදහසක් තියෙනවා මේ ගීත දෙක රූප රචනාවක් සහිතව එළිදක්වන්න. සාමාන්‍යයෙන් මම මගේ ගීතවලට රූපරචනා කරන්නේ නැහැ. වෙනසකටත් එක්ක හිතුණා ඉතින් ඒ වගේ දෙයක් කරන්න. රූප රචනාවක් කරමු කියලා ඉල්ලීමක් කළේ රිංගින් ටෝන් ආයතනයක්. ඉතින් ඔවුන්ගේ අවශ්‍යතාව මත තමයි මේ දේවල් වෙන්නෙත්" යැයි පැවසීය.