ශ්‍රී ලංකාවේ යුද්ධය හා සම්බන්ධ චිත්‍රපට ද්විත්වයක් ද මෙම චිත්‍රපට උළෙලේ දී තිරගත වීමට නියමිතය.
ඒ, Vanessa Dougnac හා Fabrice Launay විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ගෝස්ට්ස් ඔෆ් වෝ (Ghosts of War) හා ජූඩ් රත්නම් ගේ ඩීමන්ස් ඉන් පැරඩයිස් (Demons in Paradise) ය.
නොවැම්බර් 02 - 05 දක්වා පැවැත්වෙන මෙම ත්‍රපට උළෙලේ දී දකුණු ආසියා කලාපයේ හොඳම ප්‍රබන්ධ නොවන යථාර්ථවාදී චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ.
චිත්‍රපට 63ක් අතුරින් තරගකරුවන් 45 ක් තරඟකාරි අංශයක් ඉදිරිපත් වන අතර ජයග්‍රාහකයන් සඳහා සම්මාන හා ඩොලර් 5,500 ක් වටිනා මුදල් ත්‍යාග හිමිවේ.
නේපාලයේ කර්තෘ / ප්‍රකාශකයෙකු වන කුන්ඩා ඩික්සිට්, පකිස්තානයේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ෆර්ජාඩ් නාබී හා ඉන්දියාවේ ජේයෂ්ඨ මාධ්‍යවේදියෙකු වන රාජාශ්‍රී දාස්ගුප්තා ගෙන් සමන්විත ජූරියක් විසින් ජයග්‍රාහකයන් තෝරා ගනු ලැබේ.