Pasidol
Sathosa Ad Final Sinhala
Nov 13, 2017

ෂෝන් මෙන්ඩස් ට සම්මාන ත්‍රිත්වයක්

MTV යුරෝපා සංගීත සම්මාන උළෙලේ දී හොඳුම කලාකරුවාට හිමි සම්මානය ඇතුළු සම්මාන තුනක් දිනාගැනීමට කැනේඩියානු ගායක ෂෝන් මෙන්ඩස් සමත් විය.
 
 ඔහු මෙලෙස සම්මානයට පාත්‍ර වූයේ ජනප්‍රිය ගී තරු ද්විත්වයක් වන ටේලර් ස්විෆ්ට් හා එඩ් ශීරන් ද අභිබවා යමිනි.
 
හොඳුම කලාකරුවා සඳහා වූ සම්මානයට අමතරව There's Nothing Holdin' Me Back ගීතය වෙනුවෙන් හොඳම ගීතයට හිමි සම්මානයත් දැවන්තම රසිකරසිකාවියන් සඳහා හිමි සම්මානයත් දිනාගැනීමට ද ඔහු සමත්විය. 
 
මෙවර MTV යුරෝපා සංගීත සම්මාන උළෙල ලන්ඩනයේ වෙම්බ්ලි ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණු අතර, මෙම සම්මාන උළෙල බ්‍රිතාන්‍යයේ පැවැත්වුනේ වසර 21කට පසුවය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top