ඔහු පසුගිය මාසයේදී මුම්බායි හි පදිංචි ව සිටින රුක්මිණී සහේයි හා විවාහ ගිවිසගත්තේය.
ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පසුගියදා පවසා තිබුනේ ලබන පෙබරවාරි මාසයේදී විවාහ වීමට තමා හා රුක්මිණී බලාපොරොත්තු වන බවයි.
තමාට හැකිවූවා නම් සිය මංගල උත්සවය ඉතා සරලව පවත්වන නමුත්, සිය පවුල් වල අදහස් වලට ගරුකිරීමට සිදුවන බවත් එබැවින් විවාහ උත්සවය ජයටම ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
විවාහ උත්සවයෙන් පසුව ක්ෂේත්රයේ මිතුරු මිතුරියන් සඳහා ද විශාල සාදයක් පැවැත්වීමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.