මෙම නව කතාමාලාව ‘ලෝඩ් ඔෆ් ද රින්ග්ස්’ පළමු කොටස වන ‘ද ෆෙලෝෂිප් ඔෆ් ද රින්ග්’ හි සිදුවීම් වලට පෙර සිදුවූ කතා ඔස්සේ නිර්මාණය වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.
කෙසේ වෙතත්, මෙම නාට්යමාලාව එළිදැක්වීමට නියමිත දිනයක් තවමත් ප්රකාශයට පත්කර නොමැත.
පීටර් ජැක්සන් ගේ අධ්යක්ෂණයෙන් නිමවූ ‘ලෝඩ් ඔෆ් ද රින්ග්ස්’ චිත්රපට ත්රිත්වය නිර්මාණය වූයේ ජේ. ආර්.ආර්. ටොල්කේන් ගේ ‘ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස්’ කෘතිය ඇසුරෙනි.
නව නාට්යමාලාව සම්බන්ධයෙන් ඇමේසන් සමාගම සිය සතුට පළකර තිබුණද කෘතියේ හා චිත්රපට මාලාවේ බොහෝ රසිකරසිකාවියන් සමාජ ජාලා ඔස්සේ සිය අදහස් පළ කර ඇත්තේ මිශ්ර හැඟීම් වලින් යුතුවය.