මෙලෙස අලෙවි වීමට නියමිත වන්නේ Salvator Mundi (Saviour of the World) ලෙස නම් කර ඇති ක්රිස්තු තුමා ගේ චිත්රයකි.
මෙම නිර්මාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 450කට අලෙවි වීමට නියමිතය.
19වැනි සියවසට පෙර යුරෝපයේ චිත්ර ශිල්පීන් විසින් නිර්මාණය කළ සිත්තම් අතුරින් වැඩිම මිලකට අලෙවි වී ඇත්තේ මෙම නිර්මාණය බව විදෙස් වාර්තා සඳහන් කරයි.
වසර 1958දී මෙම නිර්මාණය ලන්ඩනයේදී පවුම් 60කට අලෙවි වූ අතර, එම කාලයේදී විශ්වාස කෙරුණේ මෙය, ඩා වින්චි ගේ නොව ඔහු ගේ අනුගාමිකයෙකු ගේ නිර්මාණයක් බවයි.
වසර 1519දී ඩා වින්චි මියගිය අතර, මේ වන විට ඔහු ගේ චිත්ර නිර්මාණ අතුරින් පවතින්නේ විස්සකටත් වඩා අඩු ප්රමාණයකි.