ඒ, ඔහුගේ මීළඟ චිත්‍රපටය වන ඩන්ගාල් ය.
කාන්තා ශක්තිය හා කාන්තා සමානාත්මතාවය පිළිබඳව කතිකා කරන මෙම චිත්‍රපටය මහාවීර් සිං පෝගත් ගේ ජීවිතකතාව ඇසුරෙන් තැනුනකි.
පෝගත් සිය දියණියන් වන ගීතා හා බබීතා කුමාරි මල්ලවපොර ක්‍රීඩිකාවන් ලෙස පුහුණු කළ අතර, ඔවුන් දෙදෙනා 2010දී පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ දී රන් හා රිදී පදක්කම් දිනාගැනීමට ද සමත් විය.
මේ වන විට මෙම චිත්‍රපටයේ දෙවැනි ගීතය වන Dhaakad ද නිකුත් වී තිබේ.
සාමාන්‍යයෙන් මල්ලවපොර ක්‍රීඩාව පිරිමින් ගේ ආදිපත්‍යය පැතුරුණු ක්‍රීඩාවක් ලෙස සැලකුනද, පෝගත් ගේ වැඩිමහල් දියණිය, පිරිමි ළමුන් සමග පවා මල්ලවපොර ක්‍රීඩාවේ යෙදෙමින් දිගින් දිගටම ඔවුන් පරාජය කරමින් ඉදිරියටම යන ආකාරය මෙම ගීතයෙන් දැක්වේ.
පුරුෂාධිපත්‍යය ප්‍රබල සමාජයක කාන්තා ශක්තිය මැනවින් විදහා දක්වන මෙම ගීතයේ වීඩියෝව මේ වන විටත් අන්තර්ජාලයේ අතිජනප්‍රිය වී තිබේ.
අමිතාබ් භාතචර්යා විසින් රචිත හා රෆ්ටා විසින් ගායනය කරනු ලබන මෙම ගීතය පහතින් :
මහාවීර් සිං පෝගත් ගේ චරිතයට අමීර් ඛාන් පණපොවන අතර, ඊට අමතරව, සාක්ෂී තන්වර්, ෆාතිමා සානා ෂයික්, සාන්යා මල්හෝත්‍රා, සයිරා වසීම් හා සුහානි භාත්නගර් ද මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වේ.
ඩන්ගාල් චිත්‍රපටය මේ වසරේ දෙසැම්බර් 23දා එළිදැක්වීමට නියමිතය.