එය, නාවික හමුදාවේ අතුරු කල්ලියක් මගින් සිදුකෙරුණු පැහැරගැනීම් සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදී මනෝජ් රත්නායක සිදු කරන හෙළිදරව්වයි.
සිය දරුවා අතුරුදහන් කිරීමේ වියෝවෙන් තැවෙන දමිල මවකගේ අරගලය සම්බන්ධයෙන් ගොඩනගා ඇති මෙම විශේෂාංග වාර්තාවට සත්‍ය සිදුවීමක් පාදකකර ගෙන ඇත.
ඇය කොළඹ කොටහේනේ පදිංචි නාගනාදන්ගේ මවයි. මීට වසර 9කට පෙර නගරයේ සාර්ථකව ව්‍යාපාර කිහිපයක් පවත්වාගෙන ගිය මොවුන්ගේ සතුට අද නැතිව ගොසිනි.
දිනපතා සියලු දෙවි දෙවතාවන්නට කන්නලව්කර ඔවුන් ඉල්ලා සිටින්නේ මීට වසර නමයකට පෙර අතුරුදන් වු තම එකම පුතු සොයා දෙන ලෙසටයි.
1987 මාර්තු 30 උපත ලැබූ ඔහු අතුරුදන් වන විට වයස අවුරුදු විසි එකක තරුණයෙකි. කොළඹ ජාත්‍යන්තර පාසලකින් අධ්‍යාපණය හැදෑරූ ඔහුගේ එකම ආසාව වුයේ වෛද්‍යවරයෙකු වීමටයි.
2008 වසරේ සැප්තැම්බර් දාහත් වැනිදාට පසුදින වෛද්‍ය අධ්‍යාපනය සදහා පියා සමග එංගලන්තයට පිටත්ව යෑම සදහා සියල්ල සුදානම් කර තිබියදී රජිව් නාගනාදන් වර්ශ 2008 දී සැප්තැම්බර් මස 17 වැන දින දෙහිවල ප්‍රදේශයේ දී අතුරුදන් වීමකට ලක්වෙයි...
වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිවරයාට ඇමැතිවරයකු දැනුම් දී තිබියදීත් මේ සාහසික ඉරණම වෙනස් කරගත නොහැකි වුණේ ඇයි?
යුක්ති ධර්මය අගයන සියලු දෙනාට ආරාධනා...