Pasidol
Sathosa Ad Final Sinhala
Nov 28, 2017

මිහිරි හඬ මැවූ වාදකයා නිහඬවෙයි

රුවන් වීරසේකර නම් වූ නිහඬ සොඳුරු වාදකයා අද (28දා) උදෑසන  අභාවප්‍රාප්ත වී ඇත.

ඔහු  වසර 2ක් තිස්සේ අසනීප තත්වයෙන් පසුවිය.

මීට සිව් දිනකට ඉහතදී රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

මේ වනවිට මෘත ශරීරය එම රෝහලේ තැම්පත් කර ඇති අතර දේහය ඔහු ජීවත්ව සිටි මොරටුව, තෙලවල පාරේ නිවසට රැගෙන යාමට නියමිතය.

ඔහුගේ අවසන් කටයුතු පිළිබඳව වන දිනය මෙතෙක් තීරණය කර නොමැති බව පවුලේ ඥාතියෙකු සඳහන් කළේය.

රුවන්  වයලින වාදකයෙකු පමණක් ‍න‍ොවන අතර ඔහු සිය හඬ පෞරුෂය හරහා ඇතැම් ගීතවලට ලබා දී ඇති දායකත්වයද අමතක කළ නොහැකිය.

දියවැඩියාව යන රෝගී තත්ත්වය හේතුවෙන් විටෙක ඔහු සිහි මූර්ජා තත්ත්වයට ද පත්ව තිබේ.

විටෙක ප්‍රතිකාර ලබද්දී මොළයට විෂබීජයක් ඇතුළුව තිබීම නිසා මෙනින්ජයට්ස් නම් තත්ත්වයට ගොදුරුව සිටි බව ද වාර්තා වේ.

කෝමා තත්ත්වය සහ විෂබීජ ඇතුළුවීමෙන් වූ සංකූලතා හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලට ද මාරු කෙරුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top