චීන වීරවරියක් වන හූආ මූලාන් ගේ කතාපුවත ගෙන එන මෙම චිත්රපටය 1998දී එම නමින්ම නිර්මාණය වූ ඩිස්නි සජීවීකරණ චිත්රපටය ඇසුරෙන් නිර්මාණය කෙරේ.
ආසියානු සම්භවයක් ඇති චරිත වලට සුදු ජාතිකයන් යොදාගැනීම පිළිබඳව පසුගිය කාලය පුරාවට චිත්රපට කිහිපයක්ම දරුණු විවේචනයට ලක්විය.
මෙම චිත්රපටයේ මූලාන් ගේ චරිතයට ආසියානු නිළියක් යොදාගන්නා මෙන් අන්තර්ජාලයේ සිදුකළ ඉල්ලමකට දහස් ගණනක් සහය පළ කර තිබුණි.