මෙය දෙසැම්බර් 05 දා ප.ව. 4.00ට කොළඹ තරංගනී සිනමා ශාලාවේදී තිරගත වනු ඇත.
පන්නෛයිමරක්කාඩු චිත්‍රපටය එළිදුටුවේ පසුගිය සැප්තැම්බරයේදී පැවති 2017 යාපන චිත්‍රපට උළෙලේදී ය. මෙහි විශේෂත්වයක් වන්නේ එය 2009 දී යුද්ධය අවසන් වීමෙන් පසුව උතුරුකරයේ දමිළ සිනමාවේදියෙකු විසින් නිර්මාණය කළ චිත්‍රපට අතලොස්ස අතරින් එක් නිර්මාණයක් වීමය.
සමාජ සංසක්තිය හා සංහිඳියාව සම්බන්ධ පර්යේෂණ සොයාගැනීම් හා ප්‍රතිපත්ති සංවාද වැඩිදුරටත් පෝෂණය කිරීමේ අටියෙන් දියත් කළ පශ්චාත්-යුද අවධිය පිළිබඳ පර්යේෂණ හා ප්‍රතිපත්ති වැඩකටයුතු වල කොටසක් ලෙස දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (CEPA) විසින් මෙම චිත්‍රපටය කොළඹදී තිරගත කරයි.
මෙම චිත්‍රපටයෙන් අනතුරුව පන්නෛයිමරක්කාඩු අධ්‍යක්ෂක කේසාවරාජන් නවරත්න, ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂක - අශෝක හඳගම හා උතුරේ කිවිඳියක් හා කතුවරියක් ලෙස එළිදුටු වෙට්‍රිචෙල්වි ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතය.