මේ බව එම කෞතුකාගාරයේ ට්විටර් පිටුව ඔස්සේ නිවේදනය කර තිබේ.
මෙම සිත්තම පදුගිය මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 450කට වෙන්දේසි වූ අතර, එය කලානිර්මාණයක් සඳහා ඉදිරිපත් වූ ඉහළම වෙන්දේසි මිල ලෙස ඉතිහාසගතවිය.
මෙම නිර්මාණය මිලදී ගත් පුද්ගලයා පිළිබඳව මුලින් හෙළිදරව් නොවුනද පසුව නිව් යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණේ එය සෞදි කුමාරයෙකු විසින් මිලදීගෙන තිබූ බවයි.
වසර 1519දී ඩා වින්චි මියගිය අතර, මේ වන විට ඔහු ගේ චිත්‍ර නිර්මාණ අතුරින් පවතින්නේ විස්සකටත් වඩා අඩු ප්රමාණයකි.
අබුඩාබි හි ලූවර් කෞතුකාගාරය
පවුම් බිලියනයක වියදමෙන් දස වසරක් පුරාවට ඉදිකරනු ලැබූ ඉහත ලූවර් කෞතුකාගාරය මෙම මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදි විවෘත විය.
ස්ථිර වශයෙන් කලා නිර්මාණ 600ක් තැන්පත් කර ඇති මෙම කෞතුකාගාරයට තවත් නිර්මාණ 300ක් ප්‍රංශයෙන් තාවකාලිකව ඉල්ලාගෙන ඇති බවත් එහි නම හා කළමනාකාරිත්ව උපදේශන සේවා වෙනුවෙන් මෙම කෞතුකාරයෙන් පැරිසියට ඩොලර් මිලියන ගණනක ගෙවීම් සිදුකරන බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.
සබැඳි පුවත් :