Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Dec 08, 2017

ප්‍රියංකාට ඊමේල් යවන්න එපා!

බොලිවුඩ් පුරයේ මෙන්ම ජාත්‍යන්තරයේද තරුවක් බවට පත්ව සිටින ප්‍රියංකා චොප්රා යනු, සිය සමාජ ජාල ගිණුම් ඉතා ක්‍රියාකාරීව පවත්වාගෙන යන නිළියෙකි.

කෙසේවෛත්, විද්‍යුත් තැපැල් සම්බන්ධයෙන් ඇයගේ ආකල්පය සම්පූර්ණයෙන්ම වෙනස් බව පසුගියදා වාර්තා විය. ඇගේ විද්‍යුත් තැපෑලේ නොකියවනු ලැබූ තැපැල් ලක්ෂ 2.5කට වැඩි ප්‍රමාණයක් ඇති බව හෙළිදරව් විය.

මේ බව හෙළිදරව් වූයේ ඇය විසින් රඟපාන ක්වොන්ටිකෝ රූපවාහිනී නාට්‍ය මාලාවේ තෙවැනි සමයේ ඇය සමග රඟපානා ඇමෙරිකානු නළුවෙකු වන ඇලන් පවල් විසිනි. ප්‍රියංකාගේ අයිෆෝන් උපාංගයේ ඡායාරූපයක් ඉන්ස්ටර්ග්‍රෑම් වෙත එක්කරමින් ඇලන් පවසා ඇත්තේ ප්‍රියංකා විද්‍යුත් තැපැල් නොබලන බැවින් ඇයට විද්‍යුත් තැපැල් නොයවන ලෙසයි.

එම ඡායාරූපයට අනුව ප්‍රියංකා ගේ විද්‍යුත් තැපෑලේ නොබලන ලද විද්‍යුත් තැපැල් ප්‍රමාණය 257,623කි.

ඇලන් ගේ ඉන්ස්ටර්ග්‍රෑම් සටහන මෙසේය.

Alanpowlo

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top