Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Dec 11, 2017

සංගීතඥයාගෙන් ඡායාරූප ශිල්පිණියට පා පහරක්!

සංගීත ප්‍රසංගයක් ඡායාරූපගත කරමින් සිටි ඡායාරූප ශිල්පිණියකගේ මුහුණට එම සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු විසින් පා පහරක් එල්ල කිරීමේ පුවතක් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරින් වාර්තා වේ.

මෙය සිදුවී ඇත්තේ ක්වීන්ස් ඔෆ් ද ස්ටෝන් ඒජ් සංගීත කණ්ඩායමේ ගිටාර් වාදන ශිල්පී ජොෂ් හෝම් අතිනි.

වේදිකාව ආසන්නේම සිටගෙන ඡායාරූප ගන්නා අතරතුරදී කමාට හෝම් ගේ පාපහර වැදෙන අයුරු දිස්වන වීඩියෝවක් ඉන්ස්ටර්ග්‍රෑම් වෙත එක්කිරීමට චෙල්සි ලෝරන් නම් ඡායාරූප ශිල්පිණිය කටයුතු කර තිබේ.

ins

මෙම සිද්ධියේ වීඩියෝව ද පහතින් දැක්වේ.

ඡායාරූප ගනිමින් සිටි තමා දෙසට පැමිණි හෝම් තමා දෙස බලා සිතාමතාම පා පහරක් එල්ල කළ බව ඇය පවසයි.

මේ හේතුවෙන් සිය මුහුණට තැලීම් සිදුවී රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ගැනීමට සිදුවූ බවත් ද චෙල්සි පවසයි.

කෙසේවෙතත්, සිය සංගීත කණ්ඩායමේ නිල ට්විටර් පිටුවේ පණිවිඩයක් පළ කරමින් හෝම්, චෙල්සි ගෙන් සමාව ඉල්ලා ඇති අතර, තමා පා පහර එල්ල කළේ වේදිකාව මත වූ උපකරණ ගොඩකට වුවත් එය චෙල්සි ට වැදුනු බව ඔහු සඳහන් කරයි.

Qoats1

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top