Dec 12, 2017

ජපුර කෙටි නාට්‍ය උළෙල හෙට

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනුකමිටුව මගින් සංවිධානය කරනු ලබන "සජීවී කලාවක් උදෙසා වේදිකාවෙන් මහ පොළොවට" කෙටි නාට්‍ය උළෙල හෙට ( 13 දා) දින ආරම්භ කිරීමට නියමිතය.

එම අවස්ථාව සනිටුහන් කරමින් විවිධ රටවල සංස්කෘතීන් නියෝජනය කරන පාගමනක්ද සංවිධානය කර ඇති අතර එය හෙට සවස 3ට නුගේගොඩ නගර මධ්‍යයෙන් ආරම්භ කොට විශ්ව විද්‍යාල පරිශ්‍රය දක්වා ගමන් කරයි.

අනතුරුව කෙටි නාට්‍ය උළෙලෙහි සමාරම්භක උළෙල හෙට සවස 6ට විශ්ව විද්‍යාලීය එළිමහන් රංග පීඨයේදී ආරම්භ කෙරේ.

posters

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top