මෙම ගණුදෙනුව ඩොලර් බිලියන 60 කට සිදුවනු ඇති බවට වාර්තා වේ. කෙසේවෙතත්, එහි අවසන් මිල තවමත් තීරණය වී නොමැත.
මෙලෙස විකිණෙන විනෝදාස්වාද දේපළ අතරට 20th Century Fox ට අයත් චිත්රාගාර මෙන්ම බ්‍රිතාන්‍යය, යුරෝපය හා ආසියාව යන කලාප වල Star හා Sky සැටලයිට් විකාශන අයත් වනු ඇති බව විදෙස් වාර්තා සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් ප්රකාශනයක් කිරීමට ඩිස්නි හා ෆොක්ස් සමාගම් හෙට දිනයේ සූදානම් වනන බව ඇමෙරිකානු මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.