Dec 15, 2017

සෞදි සිනමා තහනම, රාජකීය සිත්තමකින් අවසන් වෙයි

සෞදි අරාබියේ හිටපු ෆයිසාල් රජුගේ කතාපුවත ඇතුළත් චිත්‍රපටයකින් එරට වසර 35ක් සිට වාණිජ සිනමා ශාලා සම්බන්ධයෙන් පනවා තිබෙන තහනම අවසන් වන බව වාර්තා වේ.

එරට ගල්ෆ් පුවත් සේවය වාර්තා කරන අන්දමට ලබන වසරේ මාර්තු වල තිරගත වීමට නියමිත ‘බෝන් අ කිංග්’ (Born King) චිත්‍රපටය ජාත්‍යන්තර සිනමාහල් වල එළිදැක්වීමට පෙර රියාද් හි තිරගත වීමට අපේක්ෂිතය.

zfndaka w lsx.az Ñmgfha tla cjksldjlaදාහතර වියේ දරුවෙක් ව සිටියදී එකල දේශපාලන ලොව දැවැන්තයන් ලෙස සැලකුනු වින්ස්ටන් චර්ච්හිල් ඇතුළු බ්‍රිතාන්‍ය නායකයන් සමග ගණුදෙනු කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ රාජ්‍යතාන්ත්‍රික සංචාරයක නිරත වූ ෆයිසාල් රජුගේ කතාපුවත මෙම චිත්‍රපටයෙන් පෙන්නුම් කරනු ලැබේ. මේ වන විට බ්‍රිතාන්‍යයේ සිදුකෙරමින් පවතින රූගතකිරීම් පෙබරවාරි මාසයේ අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම සතියේ නිවේදනයක් නිකුත් කරමින් සෞදි අරාබිය සඳහන් කර සිටියේ වසර 35කට පසුව එනම්, 2018 මාර්තු මාසය වනවිට සිනමා ශාලා විවෘත කිරීමට හැකි වනු ඇති බවත් වසර 12ක් තුළ සිනමාහල් 2,000ක් පමණ ඉදිකිරීමට බලාපොරොත්තු වන බවත්ය.

මෙම තීරණය සමග නව රැකියා අවස්ථා 30,000ක් පමණ උදාවනු ඇතැයි ද සෞදි අරාබිය පවසයි.

මේ අතර, ඇමෙරිකානු සිනමා සමාගමක් වන අයිමැක්ස් (IMAX) සමාගම පවසා ඇත්තේ ඉදිරියේදී සෞදි අරාබියේ අයිමැක්ස්web සිනමාහල් විවෘත කිරීම සඳහා වූ ගිවිසුමකට අත්සන් තැබීමට සාකච්ඡා පැවැත්වෙන බවයි.

මෙම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් ගෙල්ෆොන්ඩ් මහතා පවසා සිටියේ තෙවසරක් තුළ අයිමැක්ස් සිනමා ශාලා 20ක් සෞදි අරාබියේ විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි.

සෞදි අරාබිය යනු මිල සංවේදී නොවන, සුඛෝපභෝගී නිෂ්පාදන වලට රුචි වෙළඳපොලක් වන බැවින් එය අයිමැක්ස් සමාගමට ප්‍රබල වෙළඳපොලක් වනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

(මූලාශ්‍ර : බ්‍රිතාන්‍යයේ ඉන්ඩිපෙන්ඩන්ට්, ගල්ෆ් නිවුස්)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top