මෙම ගණුදෙනුවට චන්ද්‍රිකා විකාශන සමාගමක් වන ස්කයි (Sky) ආයතනය තුළ ඇති ෆොක්ස් සමාගමේ 39% කොටස් මෙන්ම ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් (20th Century Fox ) චිත්‍රාගාරය ද ඊට ඇතුළත් වේ.
මේ අනුව මුල් ස්ටාර් වෝස් චිත්‍රපට මෙන්ම ඩෙඩ්පූල් හා ඇවටාර් චිත්‍රපට ඇතුළු චිත්‍රපට ගණනාවක් මෙන්ම මොඩන් ෆැමිලි හා ද සිම්ප්සන්ස් වැනි අතිජනප්‍රිය රූපවාහිනි වැඩසටහන් ද ඩිස්නි සමාගමට අයත් වේ.
ෆොක්ස් නිව්ස් (Fox News) සහ ෆොස්ක් ස්පෝර්ට්ස් (Fox Sports) ඇතුළු ෆොක්ස් සමාගම අත ඉතිරිවන වත්කම් යොදාගෙන පුවත් මූලික කොට ගත් සමාගමක් පවත්වාගෙන යාමට නියමිතය.
අසු හය වෙනි වියේ පසුවන ෆෝකස් සමාගමේ හිමිකරු රූපට් මර්ඩොක්ගේ අඩ සියවසකට වැඩි මාධ්‍ය ජාල ව්‍යාප්තියේ අවසානය ඉහත කී ගිවිසුම මගින් සනිටුහන් කෙරෙන බව පැවසේ.
සබැඳි පුවත් :
21st Century Fox ත් ඩිස්නි ගනියි?