පසුගිය දිනවල මහනුවර, හම්බන්තොට හා පොළොන්නරුව යන ප්‍රදේශ වලදී සිය දස්කම් පෙන්වූ මෙම කණ්ඩායම හෙට පෙ.ව. 10.00ට කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ එළිමන් රංඟපීඨයේදී නොමිලේ මහජන ප්‍රසංගයක් මෙන්ම ප.ව. 6.30 දී නෙළුම් පොකුණ රඟහලේදී (ආරාධිත අමුත්තන් පමණයි) දී විශේෂ ප්රසංගයක්ද පවත්වනු ඇත.
චීනය හා ශ්‍රී ලංකාව අතර රබර් සහල් ගිවිසුම අත්සන් කර වසර 65ක් පිරීම නිමිත්තෙන් හා දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතා සඳහා හැට වසරක් පිරීම නිමිත්තෙන් මෙම ප්‍රසංග මාලාව පැවැත්වුණි.
චීන - ලංකා සමාජ සංස්කෘතික සහයෝගිතා සංවිධානය, චීන - ලංකා මිත්‍රත්ව සංගමය, ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හා මෙරට චීන තානාපති කාර්යාලය විසින් මෙම ප්‍රසංග මාලාව සංවිධානය කර ඇත.
චීනයේ හෙනන් පළාතේ බෞද්ධ භික්ෂූන් විසින් හදාරනු ලබන ගොංෆු සටන් කලාව, ලොව ජනප්‍රිය සටන් කලාවක් වන කුංෆු විශේෂයක් වන අතර, මෙම ප්‍රසංග මාලාව ඔස්සේ මෙම සටන් ක්‍රමය මෙන්ම මධ්‍යම චීනයේ සංස්කෘතිය අත්දැකීමට ශ්‍රී ලාංකිකයන් හට අවස්ථාව ලබාදෙනු ලැබේ.