ශාරුක් ගේ බොලිවුඩ් දිවියට විසිපස් වසරක් සැපිරීම නිමිත්තෙන් ඊයේ පැවති මෙවර Zee Cine සම්මාන උළෙලේ දී ඔහුට විශේෂ සම්මානයක් ලබාදුන් අතර, මෙහිදී අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.
“මං මුලින් මුම්බායි වලට ආවෙ මෙහෙ අවුරුදු දෙකක් වැඩකරලා ආයෙත් දිල්ලි වලට යන්න. ඒත් මගේ චිත්රපට සාර්ථක වෙන්න ගත්තා… හරිම ඉක්මනට අවුරුදු 25ක් ගතවුණා… දැන් මට 50යි. ඒත් පහුගිය අවුරුදු 25 ඇතුළෙ කිසිදෙයක් වෙනස් වෙලා නෑ. මගේ රසිකරසිකාවියෝ මට ගොඩක් ආදරෙයි… මගේ චිත්රපට වලට ඔවුන්ගේ ඇති ආසාව උනන්දුව අඩුවෙලා නෑ… මට මගේ වයස දැනෙන්නෑ… මට ඕනේ මගේ ඉතිරි කාලෙත් හැමෝටම විනෝදාස්වාදය ලබාදෙන්න,…” යැයි ඔහු සඳහන් කර තිබේ.
වසර 2018 Zee Cine සම්මාන උළෙල දෙසැම්බර් 30දා ඉන්දියාවේ Zee TV රූපවාහිනි නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිතය.