ඔවුන්ගේ ආදර කතාවේ ආරම්භයේ හිටපු කෙනෙක් තමයි මැල්කම් මන්තාරා. ඔහු ලංකාවේ අතිදක්ෂ නිෂ්පාදන කළමනාකරුවෙක් .
මැල්කම් "බොම්බෙ වෙල්වට්" සිනමාපටයේ වැඩ කටයුතු කරන අතරතුර ලංකාවේ හිටපු අනුෂ්කා ඔහුගෙන් ඉල්ලීමක් කරාලු. ඒ කාර් එකෙන් ගුවන්තොටුපොළට ගොස් ඇගේ යාහළුවකු රැගෙන එන ලෙස. ගුවන්තොටුපොළට ගිය මැල්කම් අනුෂ්කගේ යාළුවා වුණ විරාට් කෝලි සමඟ පැමිණ තිබෙනවා.
ඒ කාලේ මෙතරම්ම ඔහු ජනප්රිය නැහැ. කොහොමත් කෝලි සෙල්ලක්කාරයෙක්. මැල්කම්ට කිව්වලු රියදුරු අසුනින් අනෙක් අසුනට යන්න කියලා. කෝලි වාඩි වුණාලු රියදුරු අසුනේ. මැල්කම්ගේ ගෙදර කොහෙද ඇහුවම ඔහු මහරගම කිව්වලු.
කෝලි පාරක්වත් අහගන්නේ නැතුව ආවාලු මහරගමට. ඔහු එතරම්ම අපේ රටේ පාරවල් දන්නවා. මැල්කම්ව ගෙදරට දාලා කෝලි ගියා අනුෂ්කාව හමුවෙන්න.ඒ ආදර අන්දරය ගැන මුලින්ම මැල්කම්ට ඉව වැටුණේ ඔන්න ඔහොමයි.