මිය වන විට ඔහු 99 වියේ පසුවිය.
වසර 60ක් වෘත්තිමය සජීවීකරණ කාටූන් නිර්මාණ ශිල්පියෙකු ලෙස කටයුතු කළ ඔහු ඩිස්නි, වෝනර් බ්‍රදර්ස් හා හැනා බාබරා වැනි සුප්‍රකට සමාගම් වල සේවය කර තිබේ.
ටොම් ඇන්ඩ් ජෙරී, ඩැෆී ඩක්, ඇල්වින් ඇන්ඩ් ද චිප්මන්ක්ස් හා පපායි යනු ඔහුගේ අතින් සිතුවම් වූ තවත් අතිජනප්‍රිය කාටූන් චරිත කිහිපයකි.
වසර 1937දී ඔහු සිය වෘත්තිය ඇරඹුවේ ඩිස්නි සමාගමෙන් වන අතර, එහිදී ඔහු ඩොනල්ඩ් ඩක් හා ස්නෝ වයිට් කාටූන් වල වැඩකටයුතු වල නිරත විය. එහෙත් ඔහු ගේ ජනප්‍රියතම නිර්මාණය ලෙස සැලකෙන්නේ වෝනර් බ්‍රදර්ස් සමාගමට අයත් ලූන් ටියුන්ස් එකතුවේ ප්‍රධාන චරිතය වන බග්ස් බනී ය.
දෙවැනි ලෝක යුද සමයේදී හමුදාවට බැඳුනු ගිවන්ස් යුද්ධය අවසන් වීමෙන් පසුව යළිත් සජීවීකරණ ක්ෂේත්රයට එක්විය.