Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Dec 26, 2017

රජිණි කාන්ත්ගෙන් 31 දා හෙළිදරව්වක්

දකුණු ඉන්දීය සුපිරි නළු රජිණි කාන්ත් දේශපාලනයට පිවිසීම පිළිබඳ පසුගිය දිනවල කටකතා පැතිර ගොස් තිබූ අතර ඒ ගැන අවසන් තීරණය දෙසැම්බර් 31 වනදා හෙළි කරන බව ඔහු සඳහන් කර තිබේ.

අද (26දා)  උදෑසන චෙන්නායි නුවරදී රසිකයින් අමතමින්මේ ගැන ඔහු පවසා ඇත.

බස් කොන්දොස්තරවරයෙකු ලෙස ජීවිකාව ඇරඹූ රජිනි කාන්ත් ඉන්දියාවේ දමිළ සිනමාවේ පතාක යෝධයෙකි.

රජිණි කාන්ත්ගේ දේශපාලන අරමුණු පිළිබඳ විවිධ සළකුණු මතු වූ නමුත් ඔහු කිසි විටෙක ක්‍රියාකාරී දේශපාලනයට පැමිණ තිබුනේ නැත. කෙසේ නමුත් මැයි මාසයේදී ඔහු කියා සිටියේ දෙවියන්ට අවශ්‍ය නම් එවිට ඔහු දේශපාලනයට එන බවයි.

එමෙන්ම ඔහුගේ බිරිඳ ඔක්තෝබරයේදී අදහස් දක්වමින් රජිනි කාන්ත් දේශපාලනයට පැමිණියහොත් විශාල විපර්යාසයක් වනු ඇතැයි සඳහන් කර තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top