Dec 28, 2017

ඒමි අද බ්‍රයන් හා විවාහ වෙයි !

නිළියක් හා නිරූපන ශිල්පිනියක් වන අමන්දා සිල්වා හෙවත් ඒමි අද (28) පෙරවරුවේ කොළඹ ගලධාරි හෝටලයේදී විවාහ වේ.

ඇයගේ අතගන්නෙ ඇමරිකාවේ නිව්යෝර්කි හි පදිංචි සමාජ ජාල විශේෂඥයකු වන බ්‍රයන් පෙරේරාය.

ඒමි මීට පෙර ප්‍රවීන රංගනවේදී ජැක්සන් ඇන්තනි මහතාගේ වැඩිමහල් පුත් අකිල ධනුද්ධර සමඟ හාදකමක් පැවැත්වූ බව ප්‍රකටය.

එම හාදකම පසුව ඒමි විසින්ම අත්හැර දමා තිබූ බවද මාධ්‍ය වාර්තාකර තිබිණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top