සිය පෞද්ගලිකත්වය තදින් රකින ප්රියංකා, පසුගියදා පැවති උත්සවයකදී සිය අනාගත බලාපොරොත්තු හෙළිදරව් කර තිබේ.
මෙහිදී ආදරය හා සිය අනාගත බලාපොරොත්තු පිළිබඳ අදහස් දක්වා ඇති ප්රියංකා පවසා ඇත්තේ තමාට ගැලපෙන කිසිවෙකු තවමත් හමුනොවූ බවයි.
අනිවාර්යයෙන් විවාහ වී ක්රිකට් කණ්ඩායමක් මෙන් ළමුන් පෙළක් සෑදීමට තමා කැමති බව ඇය පවසා ඇත. විවාහ වීමට කැමති වුවත්, එය සිදුවනු ඇත්තේ නිසි කලට වේලාවට බව ඇය සඳහන් කරයි.
මේ දක්වා තමා විසින් ඉතා මහන්සියෙන් සිදුකළ වැඩකටයුතු අගය කරනා පුද්ගලයෙකු හා විවාහ වන මෙන් සිය මව පැවසූ බවද ප්රියංකා මෙහිදී පවසා තිබේ.